කඳුකර ජීවිතයේ තේ කහට පින්තූර බලන්න 26-27 කොළඹ එන්න

ඔක්තෝබර් 5, 2021

සංචාරකයන් අද්දන, තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ කහට ගැහුණු ජීවිත සම්බන්ධයෙන්,  

එම ප්‍රජාවේම තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප  ඇතුළත් ප්‍රදර්ශනයක් අගනගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

‘තේ කහට’ ලෙස නම් කර ඇති ඡායාරූප ප්‍රදර්ශනය එය සැප්තැම්බර් මස 26 සහ 27  දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී උදෑසන 10.00 සිට හවස 06.00 දක්වා පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

 වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත්  අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කෙරේ.

    Subscribe
    Notify of
    guest
    0 Comments
    Inline Feedbacks
    View all comments
0
Would love your thoughts, please comment.x
()
x
This site is registered on wpml.org as a development site.