අප ගැන

තේ කහට පිළිබඳ කතාව

අප සුළු කොට සලකන සෑම තේ කෝප්පයක් පිටුපසම ඇති කතාව කීම සදහා තේ කහට උපත ලැබුවේය

තේ කහට පිළිබඳ කතාව

සෑම මිහිරි තේ කෝප්පයක් පිටුපස කඳුකර ප්‍රජාවගේ කදුළු, දාඩිය, මහන්සිය සහ ශ්‍රමය සැගවී තිබේ

ඔබ පොතක් කියවන විට, මදඑත සිනමා පටයක් නරඹන විට හෝ විවේකීව ගතකරන විට තේ කෝප්පයක් රස විඳින්නේ ද? එය ඔබට කොපමණ මිහිරක්, සනීපයක් ගෙන දෙන්නේ ද? නමුත්, එකී ප්‍රණීත තේ කෝප්පයයේ රසට යට වූ කඳුළු කතාව ඔබ දන්නෙහි ද? එකී තේ කෝප්පය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සහෝදර ජනයා ගැන ඔබ මොහොතක් සිතා ඇත්ද? මේ අප ගෙනෙන්නේ, මදඑත ඒ මිහිරි තේ කෝප්පයට සැගව ගිය ඔවුන්ගේ ජීවිත පිළිබඳ කතාවයි.

කඳුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණි දවසේ සිට මෙරට ආර්ථිකය සුපෝෂණය කිරීම සඳහා ලබා දෙන දායකත්වය මිල කළ නොහැකි තරමට සුවිශාල ය.

ශ්‍රී ලංකාව ලෝකයක් හඳුනන්නේ ‘සිලෝන් ටී’ නොහොත් ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයන් නිසා ය. නමුත් තවමත් එකී තේ දලු නෙළන, ගස් කප්පාදු කරන, පොහොර දමන සියලු නිෂ්පාදන ක්‍රියාවලියට උර දෙන කඳුකර දෙමළ ප්‍රජාව ඔවුන්ගේ ජන ජීවිතවලින් උසස් වී නොමැත. දේශපාලන, ආර්ථික, සමාජීය බොහෝ කාරණා අතින් ඔවුන්ට හිමි තැන ලැබිය යුතු ය. ඔවුන්ගේ ජීවිතය ලබා ගැනීම සඳහා ඇවැසි ශක්තිය ඔවුන් සතුය. මෙම සහෝදර ප්‍රජාව වෙනුවෙන් ලියැවී ඇති කවි ගී සහ විවිධ නිර්මාණ ද බොහෝ ය. ඒ බොහෝ නිර්මාණ සානුකම්පික පරිකල්පනයෙන් යුතුව නව දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සමාජ ඥානය පුළුල් කිරීමට සමත් වන්නේ ය. මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ මුඛ්‍ය අරමුණ වන්නේ ද කඳුකර දෙමළ ප්‍රජාවගේ ජන ජීවිතවල හරස් කඩක් පෙන්වීමය. එනම්, ඔවුන්ගේ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික ජීවිත පිළිබඳ යම් සවිඥානිකත්වයක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන යථාර්ථය පිළිබිඹු කිරීම ය.

කඳුකර ප්‍රදේශයේ තෝරා ගත් වතු යායවල් හතරක තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප මෙහි ප්‍රදර්ශනය වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හොලිරූඩ් සහ ලොගි වතු යායවල ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇටැම්පිටිය සහ ඌව හයිලන්ඩ් වතු යායවල තරුණ තරුණියෝ මීට සහභාගී වූහ. පුරා වසරක කාලයක් තිස්සේ, වැඩමුළු කීපයක් ඔස්සේ ඡායාරූපකරණය පිළිබඳ තාක්‍ෂ ණික දැනුම ද කලාව සහ සමාජීය දේශපාලනික දැනුම ද, සමාජ වෙනස් උදෙසා කලාව භාවිත කිරීම පිළිබද දැනුම ද ලබා ගනිමින් ඔවුන්ගේ ජන ජීවිතය ඔවුන් විසින් ම කැමරා කාචයට හසුකරගෙන තිබේ.

මෙය පර්යේෂණාත්මක වැඩසටහනකි. සමාජ සවිඥානිකත්වය පිළිබඳ දැනුම තරුණ තරුණියන්ට ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත පිළිබඳ පවතින යථාර්ථය ගවේෂණය කිරීමක් මින් සිදු වේ. යහපත් සමාජ ජිවිතයක් උදාකර ගැනීමට අවශ්‍ය පන්නරය ලබා ගැනීමට එය හේතු වනු ඇත. එසේ ම කඳුකර දෙමළ ප්‍රජාවගේ ජීවිත දෙස තෙවන ඇසකින් නිරීක්‍ෂණය කිරීම ඔස්සේ සවිඥානිකත්වය ලබා ගැනීමට අවස්ථාව උදා වේ. තව ද යහපත් සමාජ ජීවිතයක් හිමි වීම ඔස්සේ මෙරට ආර්ථික, සංවර්ධන ක්‍රියාවලියට කඳුකර දෙමළ ප්‍රජාව තෘප්තිමත් පුරවැසියන් ලෙස සක්‍රීයව දායක කරගැනීම පිළිබඳ කතිකාවක් සඳහා මඟ පාදා ගත හැකි ය.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ප්‍රමුඛ දායකත්වය ලබා දුන්නේ

කඳුකර තරුණ තරුණියන් සහ ඔවුන්ගේ ප්‍රජාව ය. එසේම මෙය සාමූහික ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම (SRP) සඳහා වූ වැඩසටහන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඌව-ශක්ති ආයතනය, කඳුකර දෙමළ තරුණ තරුණියන් මෙන්ම දෙමළ ප්‍රජාව මේ සඳහා සක්‍රීය දායකත්වය ලබා දුන් අතර දිගුකාලීන ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ

කඳුකර ප්‍රදේශයේ තෝරා ගත් වතු යායවල් හතරක තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප මෙහි ප්‍රදර්ශනය වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හොලිරූඩ් සහ ලොගි වතු යායවල ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇටැම්පිටිය සහ ඌව හයිලන්ඩ් වතු යායවල තරුණ තරුණියෝ මීට සහභාගී වූහ. පුරා වසරක කාලයක් තිස්සේ, වැඩමුළු කීපයක් ඔස්සේ ඡායාරූපකරණය පිළිබඳ තාක්‍ෂ ණික දැනුම ද කලාව සහ සමාජීය දේශපාලනික දැනුම ද, සමාජ වෙනස් උදෙසා කලාව භාවිත කිරීම පිළිබද දැනුම ද ලබා ගනිමින් ඔවුන්ගේ ජන ජීවිතය ඔවුන් විසින් ම කැමරා කාචයට හසුකරගෙන තිබේ.

මෙය පර්යේෂණාත්මක වැඩසටහනකි. සමාජ සවිඥානිකත්වය පිළිබඳ දැනුම තරුණ තරුණියන්ට ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත පිළිබඳ පවතින යථාර්ථය ගවේෂණය කිරීමක් මින් සිදු වේ. යහපත් සමාජ ජිවිතයක් උදාකර ගැනීමට අවශ්‍ය පන්නරය ලබා ගැනීමට එය හේතු වනු ඇත. එසේ ම කඳුකර දෙමළ ප්‍රජාවගේ ජීවිත දෙස තෙවන ඇසකින් නිරීක්‍ෂණය කිරීම ඔස්සේ සවිඥානිකත්වය ලබා ගැනීමට අවස්ථාව උදා වේ. තව ද යහපත් සමාජ ජීවිතයක් හිමි වීම ඔස්සේ මෙරට ආර්ථික, සංවර්ධන ක්‍රියාවලියට කඳුකර දෙමළ ප්‍රජාව තෘප්තිමත් පුරවැසියන් ලෙස සක්‍රීයව දායක කරගැනීම පිළිබඳ කතිකාවක් සඳහා මඟ පාදා ගත හැකි ය.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ප්‍රමුඛ දායකත්වය ලබා දුන්නේ කඳුකර තරුණ තරුණියන් සහ ඔවුන්ගේ ප්‍රජාව ය. එසේම මෙය සාමූහික ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම (SRP) සඳහා වූ වැඩසටහන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඌව-ශක්ති ආයතනය, කඳුකර දෙමළ තරුණ තරුණියන් මෙන්ම දෙමළ ප්‍රජාව මේ සඳහා සක්‍රීය දායකත්වය ලබා දුන් අතර දිගුකාලීන ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන ජර්මානු සංගමය (GIZ) GmbH  සහ බ්රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකා රජය සමඟ සයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම (SRP) සඳහා වූ වැඩසටහන ක්‍රිරියාත්මක කරනු ලැබේ. ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන්හි ප්‍රධාන භූමිකාවන් ඉටු කරන රජයේ විවිධ අංශල රාජ්ය නොවන සංවිධාන හා ආමූලික මට්ටමේ ක්‍රියාකාරීන් සමඟ කටයුතු කරමින් සාමය ගොඩනැගීම සඳහා SRP  වැඩසටහන පරිපූර්ණ ප්‍රවේශයක් ගනී.

තරුණ ප්‍රජාව හා සම්බන්ධ වෙමින් ඔවුන්ට ඡායාරූපකරණය පිළිබඳ මූලික තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම ලබා දෙන ලද්දේ මෙරට ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පින් දෙපළක් වන අජිත් සෙනවිරත්න හා නදිෂ්ක රණසිංහ විසින් ය.

 

This site is registered on wpml.org as a development site.