සෙ. අස්විනී
හැටන් ාර්පෙක්ස් දෙමළ මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව සර්වෝදය පෙර පාසලේ සේවය කළ අතර සර්වෝදය ආයතනයේ සමාජිකාවක් ලෙස කටයුතු කළා. දැන් සුව ශක්ති ආයතනයේ වැඩ කරමින් සිටින අතර නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ද සේවය කරනවා. මගේ අනාගත ඉලක්කය වුණේ නීතිඥයෙකු වීමයි. විභාග ප්‍රතිඵල ඊට ප්‍රමාණවත් නොවුණ නිසා මාධ්‍ය ක්ෂේත්රයට නැඹුරු වුණා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙම ඡායාරූපකරණ පාඨමාලාවට සම්බන්ධීම ඔස්සේ මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීම සඳහා අවස්ථාවක් හිමිවෙලා තිබෙනවා. එසේම වගකීම්සහගත පුරවැසියෙකු වශයෙන් අපේ සමාජය තුළ තිබෙන සැගවුණු බොහෝ දේ සමාජයට සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ලැබුණා.