ප. සහිදරන්
බදුල්ල මොරගොල්ල ප්‍රදේශයේ ජීවත්වන මා අධ්‍යාපනය ලැබුවේ මොරගොල්ල දෙමළ මහා විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විවිධ වෘත්තීය පුහුණුවල නිරත වුණත් පසුව මම සියල්ල අතැර දමා නිවස මුල්ලට වී සිටියා. හිටිහැටියේ මිතුරියකගෙන් ලැබුණ පණිවිඩයටකට අනුව තමයි මෙම ඡායාරූපකරණය සම්බන්ධ වැඩසටහන සමඟ මම එකතු වුණේ.
මේ වැඩසටහනට එකතු වුණාම ඡායාරූපකරණය ඉගෙන ගෙන වඩාත් හොඳ ඡායාරූප ගැනීමටත් ඒ පිළිබඳ දක්ෂ ලෙස අදහස් ඉදිරිපත් කිරීමටත් හැකියාව ලැබුණා. ඒ අනුව මා තුළ බොහෝ වෙනස්කම් සිදු වුණා. එසේම වතුකරයේ ජනතාව පිළිබඳ කියා පාන ඡායාරූප ගැනීමට මා පෙළඹුණා. මේ වනතුරු සමාජය ඉස්සරහා හිස පහත්කරගෙන ජීවත් වුණ මා දැන් මේ වැඩසටහනෙන් පසු හිස කෙළින් තියාගෙන ජීවත්වන මට්ටමට සංවර්ධනය වුණා.