ම. නිරෝෂන් කායන්දියර්
ඌව හයිලන්ඩ්ස් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන මම ඌව හයිලන්ඩ්ස් දෙවන කොටසේ ජීවත් වෙනවා. ඡායාරූප ඔස්සේ සමාජයීය ගැටලු, විවිධ සංස්කෘතීන්, සදාචාර හා සාරධර්මයන් බාහිර ලෝකයට ගෙනියන්නේ කොහොමද යන්න අපි ඉගෙන ගත්තා. මෙම ඡායාරූපකරණයේ අපේ ප්‍රධාන අරමුණ වන්නේ වතුකර ජනතාවගේ සමාජීය, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික කරුණු බාහිර ලෝකයට සන්නිවේදනය කිරීමයි.
එමගින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් කරා යෑමට අවස්ථාවක් උදාකර ගැනීමයි. සමාජ වගකීමක් සහිත ඡායාරූප ශිල්පියෙකු වශයෙන් අපේ ජනතාව මුහුණ දෙන ගැටලු කලාව ඔස්සේ සන්නිවේදනය කරමින් ඒවාට විසඳුම් සෙවීම සඳහා මැදිහත් වන්නට ලැබුණ අවස්ථාව ගැන වතුකරයේ තරුණයෙක් හැටියට මම සතුටු වෙනවා.