කුමාර් සුගන්යා
බදුල්ල බණ්ඩාරවෙල විද්‍යාලයේ ඉගෙනුම ලබූ මම ඇටම්පිටිය දෙවන කොටසේ පදිංචිව සිටිනවා. මගේ විශාලතම සිහිනයක් වන්නේ මා නියෝජනය කරන සමාජයේ වෙනසක් ඇති කිරීම සඳහා කාන්තාවක් වශයෙන් මගේ දායකත්වය හිමි කර දීමයි. මගේ සමාජය දෙස බලන විට අපේ සමාජයේ බොහෝ දෙනා හමුවේ ඇත්තේ අසීමිත ගැටලු පමණයි. නමුත් වගකිව යුත්තන් මේවාට අවධානය යොමු නොකිරීම කණගාටුදායක කාරණයක්. මේ ගැටලු සමාජයට පෙන්වීමට මඟක් හොයමින් සිටින මොහොතේ තමයි මා මේ ඡායාරූප වැඩසටහන සමඟ සම්බන්ධ වන්නේ. දැන් අපේ සමාජය මුහුණ දෙන විවිධ ප්‍රශ්නවලට පසුගාමීත්වයකින් තොරව විවෘතව හා කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා සමාජ සවිඥානිකත්වය ඇති කිරීමට මට ඡායාරූප කලාව භාවිත කරන්න පුළුවන්.