එස්. කේදීශ්වරන්
මම ඌව හයිලන්ඩ් දෙමළ මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දී එම විද්‍යාලයේ ම උසස් පෙළ සඳහා වාණිජ විෂය තෝරාගෙන අධ්‍යාපන කටයුතු හමාර කළා. මගේ තාත්තා එළවළු වෙළඳාම රැකියාව වශයෙන් කරන අතර අම්මා ගෘහණියක්. පොඩිකාලේ ඉදල මම දක්ක්ෂ වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට.
මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් පාසල් සහ පළාත් මට්ටමේ විවිධ ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. බදුල්ලේ ක්‍රිකට් පුහුණුවීම් කරමින් ඉන්නකොට තමා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මෙම ඡායාරූප සම්බන්ධ වැඩසටහන කරනවා කියලා ඌව ශක්ති ආයතන හරහා දැන ගත්තේ.
මෙම වැඩසටහන නිසා ඡායාරූපකරණය වගේ ම මම ජීවිතයට වැදගත් වන අපූරු දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. එසේම මගේ අනාගත ජීවිතයේ අඩිතාලම සකස් කර ගැනීමේ අවස්ථාව හිමි වුණා.