අජිත්කුමාර්
මම ජීවත් වන්නේ බණ්ඩාරවෙල එල්ලාවලෙයි වත්තේ. මම හිතනවා ඡායාරූප කලාව ඔස්සේ අපේ ප්රදේශවල ජීවත්වන මිනිසුන්ගේ ජීවන ක්රමය, ඔවුන්ගේ වේදනාව සමාජගත කිරීම ඔස්සේ ඔවුන්ගේ ජීවන ක්රමය යහපත් වෙනසක් ඇති කිරීම සඳහා යමක් කළ හැකිය කියලා. එසේ ම සමාජය සහ තරුණ අප අතර තිබුණ දුරස්ථභාවය හඳුනා ගැනීමට අවස්ථාව ලැබීම, ඡායාරූප ඔස්සේ වතු ප්රජාවගේ ප්රශ්න සංවාදයට ගැනීමට හැකි වීම වැනි දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්.