කාලෙයිවානි
මගෙ නම ඥානසේකරන් කලෙයිවානි, ඌව හයිලන්ඩ්ස් වත්ත, පැරණි කොට්ටාසයේ තමා මම පදිංචි වෙලා ඉන්නේ. ඌව හයිලන්ඩ්ස් දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම මේ වන විට අධ්‍යාපනය අවසන් කර සිටිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වීම නිසා ඡායාරූප කලාව ඉගෙන ගන්න වගේ ම විවිධ ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා.
එසේ ම කඳුකර ප්‍රදේශයේ විවිධ වතුවල සැරිසැරීම නිසා අපේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබුණා. ඩිජිටල් කැමරාවක් කියන්නේ මොකක්ද, එය භාවිත කරන්නේ කොහොමද කියල කිසිම අවබෝධයක් නොවූ මට අවසානයේ එය මනාව හැසිරවීමේ හැකියාව ලැබුණා.
මුල් කාලයේ මම ගත්තු ෆොටෝ තනිකරම සුදු පාටයි. පසුව මට සාධනීය මට්ටමේ ඡායාරූපයක් ගන්න පුළුවන් වුණා. ලෝක පූජිත ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප නැරඹීමත් ඒ සඳහා මනා පිටිවහලක් වුණා. මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඔස්සේ කඳුකර සමාජයේ ජන ජීවිත රූපගත කිරීමට මෙන්ම ඒවා ඉස්මතු කරමින් සමාජගත කිරීමට අවස්ථාව හිමි වීම වටිනා අවස්ථාවක් හැටියටයි මා දකින්නේ.