සි. නිරන්ජන්
ඇටැම්පිටිය 1 කොටසේ ජීවත්වන මා අධ්‍යාපනය හදාරන්නේ බණ්ඩාරවෙල විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ. මා සිතා සිටියේ ඡායාරූප කලාව යනු ගස් කොළන්, සත්තු, කඳු, දිය ඇලි ආදී ස්වාභාවික සුන්දරත්වය ගැනීම පමණක් බවයි. නමුත් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වුණාම මට අවබෝධයක් ලැබුණා ඡායාරූප කියන්නේ ස්වාභාවික සුන්දරත්වය රූපයට හසු කර ගැනීම පමණක් නොව ඊට වඩා බොහෝ පුළුල් විෂයක් බව. ඡායාරූපකරණය ගැන මූලික තාක්ෂණික දැනුම මට මේ ඔස්සේ ලබා ගැනීමට හැකි වුණා.
‘එළිය නොවැටෙන රාත්‍රිය කියා කිසිවක් නොමැත, අවසානයක් නැති කිසිම දුකක් නැත, බැස නොයන ගංවතුරක් නොමැත, ජීවත් නොවන ජීවිතයක් කියා නොමැත’ ආදී වශයෙන් වෛරමුත්තු නම් කවියාගේ පද තුළ ඇති ගැඹුරු යථාර්ථය මෙන් අපට ඉටු කළ නොහැකි කිසිම දෙයක් නැත.