දුෂාන්තිනි
ඇටැම්පිටිය දෙවන කොටසේ ජීවත් වන මම චිත්‍ර ඇඳීම, ගී ගැයීම සහ කවි ලීවීම විනෝදාංශ වශයෙන් කරමින් එකී දක්ෂතා ප්‍රගුණ කරමින් ඉන්න විටයි මේ ඡායාරූප වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණේ. මම බණ්ඩාරවෙල විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා. මා තුළ කොතරම් දක්ක්ෂතාවන් තිබුණත් මම නිවසේ බිත්ති හතරට කොටු වී සිටි අයෙක්.
මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණ නිසා මගේ දක්ෂතා තවදුරටත් අනෙක් අය සමඟ බෙදා ගන්න පුළුවන් වුණා. මට අද ඡායාරූප ගැනීමටත් ඒ පිළිබඳ මගේ අදහස් නොබියව ප්‍රකාශ කිරීමටත් හැකියාව ලැබුණේ මේ වැඩසටහනට සම්බන්ධ වී මා ලැබූ පරිචය නිසා.
ස්වභාධර්මය දෙස බලා ඒ පිළිබඳ මිමිනූ සුන්දර වදන් අද වන විට වෙනස් අයුරකින් කතාන්දර කීමේ තත්ත්වයකට පත් කළේ ඡායාරූප කලාව මගින්. හොඳින් අධ්‍යාපනය හදාරන ගමන් ඡායාරූප කලාව ආශ්රිත ගමනක් යෑමට මම අදහස් කරනවා.