ඩී. යුවරාජන්
තලවකැලේ ලොගි වත්තේ ජීවත්වන මම ලයිම් නිවසක සාමාන්‍ය පවුලක තරුණයෙක්. වතුකරයේ බොහෝ ප්‍රශ්නවලට මා මුහුණ දී තිබෙනවා. ජීවිතේ ඉටුකර ගත නොහැකි ඇතැම් දේ ගැන මගේ ආශාවන් පැවතුණ අතර ඡායාරූපකරණය ඉන් ප්‍රධාන විෂයයක්. නමුත් ඡායාරූප කලාව ඉගෙන ගැනීමට මුදල් තිබුණේ නැහැ. නමුත් මම කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමට පෙළඹුණා. දැනට කෙටි චිත්‍රපට කීපයක්ම ලියා අධ්‍යක්ෂණය කොට තිබෙනවා. අහම්බෙන් මා මෙම වැඩසටහනට යොමු වීම නිසා මගේ ජීවිතේ එක් බලාපොරොත්තුවක් වූ ඡායාරූපකරණය ගැන ඉගෙන ගැනීමට හැකි වුණා. එය මගේ චිත්‍රපට නිර්මාණය කිරීමේ කාර්යයට ද ලොකු දායකත්වයක්. මගේ අනාගත ප්‍රධාන ඉලක්කය වන්නේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වශයෙන් අප සමාජයේ මෙන් ම වෙනත් සමාජවල පවතන ගැටලු, ඡායාරූප කලාව ඔස්සේ මතුකර දැක්වීමයි.