ටී.ඩබ්. අමිල නුවන්
තලවකැලේ හොලිරූඩ් නැගෙනහිර කොටසේ තමා මම ජීවත් වන්නේ. සුමන ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය හදාරන අතර මම මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඡායාරූපකරණය කියන්නේ තමන්ගේ ඇසින් දකින දේ ඊටත් වඩා හොඳින් අධ්‍යනය කර ප්‍රතිනිර්මාණය කිරීමක් කියල මම ඉගෙන ගත්තේ මේ වැඩසටහනින්. ඒ වගේම අප ප්‍රදේශවල ජීවත්වන දෙමළ ප්‍රජාවගේ ජන ජීවිතය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමෙන් පස්සේ, ඒවා මේ ඡායාරූප ඔස්සේ සමාජයට කියන්න පුළුවන් වුණා. මම හිතනවා මේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබීමට මේ ඔස්සේ ඉඩ තිබෙනවා කියලා. ඒ වගේම අපිට බොහෝ අත්දැකීම් ලැබුණා. කණ්ඩායමක් හැටියට වැඩ කරන විදිය විවිධ අභියෝගවලට මුහුණ දෙන ආකාරය, ආදී ජීවිතවලට වැදගත් දේවල් ප්‍රමාණයකුත් අපිට ලැබුණා.