කලෙයිච්චෙල්වි
බදුල්ල විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයෙන් සහ ඌව හියිලන්ඩ්ස් දෙමළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මම උසස් පෙළ අධ්‍යාපනයෙන් පස්සේ මෙම ඡායාරූප වැඩසටහන සමඟ එකතු වුණා. මුල් කාලයේ ඡායාරූප කලාව පිළිබඳ කිසිම දැනුමක් තිබුණේ නැහැ. නමුත් මෙහි ඡායාරූපකරණය පිළිබඳ උපදේශකවරුන්ගේ මඟපෙන්වීම යටතේ තාක්ෂණික කාරණා මනාව හසුරුවමින් ඡායාරූපයක් ගන්න විදිය සහ ඡායාරූප ඔස්සේ කතන්දරයක් කියන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා. ඒ වගේම විවිධ වතු සහ ගම්මානවලට ඡායාරූප ගැනීම සඳහා යෑමට අවස්ථාව හිමි වීමත් සමඟ මා නොදන්නා බොහෝ දේ ගැන දැන ගැනීමට අවස්ථාව ලැබුණා.
අනිත් විශේෂම කාරණය තමයි වතු සමාජයේ මෙතෙක් නොදත් බොහෝ දේ පිළිබඳ සවිඥානිකත්වය ලබා ගැනීමට හැකි වීම. මෙම ක්‍රියාවලියේ දී අප ඉගෙනගත් තවත් වැදගත් දෙයක් තමා අපගේ වතු සමාජය දැනුවත් භාවයකින් යුතු සමාජයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක. මේ ඡායාරූප ඔස්සේ ද අපි සිදු කරන්නේ ඒ ක්‍රියාවලියයි. ඡායාරූප කලාව මගේ ජීවිත කාලය පුරා අඛණ්ඩව පවත්වාගෙන යන බව මට විශ්වාසයි.