තේ කහට

ඔබ පොතක් කියවන විට, සිනමා පටයක් නරඹන විට, හෝ විවේකීන ගතකරන විට තේ කෝප්පයක් රස විඳින්නේ ද? එය ඔබට කොපමණ මිහිරක් සනීපයක් ගෙන දෙන්නේ ද? නමුත් එකී ප්‍රණිත තේ කෝප්පයේ රසයට යට වූ කඳුළු කතාව ඔබ දන්නෙහි ද? එකී තේ කෝප්පය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සහෝදර ජනයා ගැන ඔබ මොහොතක් සිතා ඇත් ද? මේ අප ගෙනෙන්නේ, ඒ මිහිරි තේ කෝප්පයට සැඟව ගිය ඔවුන්ගේ ජීවිත පිළිබඳ කතාවයි"

අප ගැන

අප ගැන

Find out more about our initiative.

ගැලරිය

ගැලරිය

Discover life through the eyes and lens of our youth.

තරුණයන්

තරුණයන්

Meet the youth behind the evocative images captured in our gallery.

ප්‍රතිචාර

වත්තක් කියන්නේ ගස් කොළං නෙමේ. වත්තක් කියන්නේ මිනිස්සු. මිනිස්සුන්ගේ ජීවිත, ඔවුන්ගේ ඉරණම. අවුරුදු ගණනාවක් අපට විදේශ විනමය වගේම උදේට තේ එක ලැබෙනවා. මේ රටේ අති බහුතරයක් මිනිස්සු මේ තේ එක බොනවා. හැබැයි කාටවත් මතක් වෙන්නේ නෑ’ මේ තේ එක කොහොමද එන්නේ කියලා. මම කියන්නේ” එය තමා අපේ ලොකුම හෘස සාක්ෂ්‍යයේ තුවාලය කියලා. අපි මේ ණය ගෙවන්න කල්පනාවක් වත් සූදානමක් වත් නැහැ. සදාචාරාත්මකව අපි ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ඒ ණය නොගෙවා මනුෂ්‍යයෝ විදියට ඉස්සරහාට යන්න බැහැ. අපි මනුෂ්‍යයො වෙන්න නම් මේ මිනිස්සුන්ට ඒ අයගේ ජීවිතවලට ඒ ණය ගවෙන්න ඕන. එය සදාචාරාත්මක ණයක්. ඒ පිළිගැනීම දීලා ඒ අය මනුෂ්‍යයෝ බවට පිළි ගන්න ඕන. ඔවුන්ට ගෞරවයෙන් සළකන තැනකට එන්න ඕන. එතකන් අපි මනුෂ්‍යයෝ නෙමේ'”

zzමේ ඡායාරූප ප්‍රදර්ශනය බොහෝ අතින් විශිෂ්ඨයි. තරුණ කලාකරුවෝ පිරිසක් මතුවෙලා තිබෙනවා. ඔවුන් ඒ එයගේ ජීවිතේ ප්‍රකාශ කරන්න උත්සාහ කරලා තිබෙනවා. මේ එක ඡායාරූපයක් වත් බොරුවක් නෙමේ. මෙහි ප්‍රබල ඡායාරූප බොහෝමයක් තිබෙනවා.”

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන”

මේ ඡායාරූප මඟින් අප වෙත ඉදිරිපත් කරන තවත් කතිකාවක් තිබේ. අප රටේ දේශපානයේ මුල් බැස ඇකි කුහක කම සහ ඔලමොට්ටලකම පිළිබඳ කතාවයි. 2020 දී මේ තරුණ තරුණියන්ට තම ජීවිතයේ යථාව මේ තරම් දුක්බර ආකාරයකින් ඉදිරිපත් කරන්නට සිදු වී ඇත්තේ ඇයි? නිදහසින් පසු ජාතික දේශපාලනය විසින් මේ ප්‍රජාව බිතාන්‍යය යටත් විජිත යුගයේ ඔවුන් සිටි අවාසනාවන්ත තත්වයෙන් නිසි පරිදි මුදවාගෙන නැති බව පැහැදිලි ය. එමෙන් ම මේ ප්‍රජාව නියෝජනය කරනවායැයි” පුන පුනා කියන සමස්ත ලංකා වතු කම්කරු සංගමය සහ අන් දේශපාලන කණ්ඩායම් විසින් ද පෙන්නුම් කර ඇත්තේ” ඔවුන් මේ ප්‍රජාව දරිද්‍රතාවය තුළ ම සිර කර සිටින බවයි.

zzමා සිතන්නේ සිය චායාරූපවලින් හේ තරුණ තරුණියන් අසන ප්‍රධාන ප්‍රශ්නය නම්” තමන්ගේ යථාවට වගකිව යුත්තේ කවුරුන්ද යන්න බවයි. කණගාටුදායක කාරණ යන්නේ” මේ අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු කතුවරුන්ගෙන් කොටසක් ජීවත් වන්නේ ඔවුන් අතරේ වීමය. අන් කොටස ජීවත් වන්නේ අප අතරේ ය.”

මහාචාර්ය සසංක පෙරේරා

ලිපිනය:

No 6/ 5,Layards Rd, Colombo 00500, Sri Lanka

තොරතුරු:

info@cpalanka.org

T: +9411 2081384, +94112081385, +94112081386

F: +9411 2081388



    This site is registered on wpml.org as a development site.